
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය සඳෙහි නවතම සමීප ඡායාරූප නිකුත් කර ඇත.
රුසියාවේ ලූනා-25 අභ්‍යවකාශ යානය පාලනයෙන් මිදීමෙන් පසු සඳ මතට කඩාවැටීමෙන් දිනකට පසුව මෙම ඡායාරූප ලැබී තිබේ.
ඒ, සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුම යටතේ එතරම් ගවේෂණය නොකළ සඳේ දක්ෂිණ ධ්‍රැවයේ ආරක්ෂිත ගොඩබෑමේ ස්ථානයක් සොයාගැනීමට උත්සාහ කරමින් සිටින අතරතුරය.
සිය මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ කළ චන්ද්‍රයාන්-3 යානය මේ වන විට සිය ගොඩබෑමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (Isro) සඳහන් කර ඇත්තේ, බදාදා දේශීය වේලාවෙන් 18:04 ට (GMT 12:34) චන්ද්‍රයාන්-3 හි ගොඩබෑමේ ප්‍රදේශය සිතියම්ගත කරමින් ඡායාරූප ගනිමින් සිටින බවයි.
මෙම කැමරාව මඟින් එවන ලද කළු-සුදු පින්තූර “ගල් හෝ ගැඹුරු අගල් නොමැතිව – ආරක්ෂිත ගොඩබෑමේ ප්‍රදේශයක් සොයා ගැනීමට” ඔවුන්ට සහාය වනු ඇතැයි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
එමෙන්ම චන්ද්‍රයාගේ දුර පැත්ත යනු පෘථිවියෙන් ඉවතට මුහුණලා ඇති පැත්ත වන අතර, එය “සඳේ අඳුරු පැත්ත” ලෙසද හැඳින්වේ.
ලෑන්ඩර් මොඩියුලය සඳට ආසන්න කක්ෂයකට (කිලෝමීටර් 25 සිට 134 අතර) සාර්ථකව පහත් කර ඇති බව වාර්තා වේ.
චන්ද්‍රයාන්-3 සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමු රට ඉන්දියාව බවට පත්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart