September 10, 2026

ශ්‍රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වෙයි හුවාක්සියැං සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සුහද හමුවක් කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරාගේ නිවසේදී පැවැත්විණි.

පසුගිය අගෝස්තු 25 වනදා සිය අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ චීන තනාපතිවරයා ලෙස නිල වශයෙන් ධුරයේ වැඩ භාරගැනීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී වී හුවාක්සියැං වෙත සිය සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.