
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාධ්‍ය නීති සංසදය (MLF) විසින් සංවිධානය කරන ලද ‘The Youthquake: Emergence of the Fifth Estate vs The Captured Fourth in Asia’ නමැති ප්‍රථම අන්තර්ජාතික ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පසුගිය සඳුදා (07) කොළඹදී බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ආචාර්ය රංග කලංසූරියගේ පර්යේෂණ කෘතියක් වන The Youthquake වෙත, ඒවා දනයන්ති, මන්දනා ඉස්මයිල් අබේවික්‍රම, නාසියා අෆ්රින් මොනාමි, සෝනියා අවාලේ සහ බෙටී හැන් යන කතුවරියන්ගේද දායකත්වය ලැබී ඇත.
මෙම ග්‍රන්ථය මගින් ආසියාව පුරා තරුණ විරෝධතාවල දේශපාලනික හා සන්නිවේදන මානයන් සහ ඩිජිටල් මාධ්‍යයේ විකාශනය වන භූමිකාව පිළිබඳව අධ්‍යයනය කරයි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ ඉන්දුනීසියාව යන රටවල අත්දැකීම් පදනම් කරගනිමින්, Z පරම්පරාවේ (Gen Z) නැගීසිටීම් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සැසඳාත්මක මාධ්‍යවේදී විශ්ලේෂණයක් මෙමගින් ඉදිරිපත් කෙරේ.
ග්‍රන්ථයේ පළමු පිටපත පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමිපාණන් වහන්සේ වෙත පිරිනැමිණි.
මෙම එළිදැක්වීමේ උත්සවයට මහා සංඝරත්නය, ආදිවාසී නායක උරුවරිගේ වන්නිලඇත්තන්, හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ, දේශපාලන නායකයෝ, දෙස් විදෙස් විද්වත්තු, ජනමාධ්‍යවේදීහු, සිවිල් සංවිධාන නායකයෝ සහ සර්ව ආගමික පූජකවරු සහභාගී වූහ.
‘The Youthquake’ යනු ඩෙන්මාර්කයේ International Media Support ආයතනය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නීති සංසදය එක්ව ප්‍රකාශයට පත්කරන ලද ග්රන්ථයක් වන අතර, එය රටවල් පහක් පුරා වසරක් තිස්සේ සිදුකළ ක්ෂේත්‍ර පර්යේෂණ ව්‍යාපෘතියක ප්රතිඵලයකි.
අදාළ රටවල කාන්තා ජනමාධ්‍යවේදීන් සිව්දෙනකුගේ සන්දර්භීය විශ්ලේෂණයන්ගෙන් සමන්විත මෙම ග්‍රන්ථය, ආසියාවේ ‘පස්වැනි බලවේගයේ’ (Fifth Estate) නැගීසිටීම පිළිබඳ විවිධ පැතිමානයන් මනාව ඉස්මතු කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart