
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහවැලි ගං රක්ෂිතයේ පිහිටි වෙළෙඳසැල් කිහිපයක් අධිකරණ නියෝගයකට අනුව ඉවත්කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමඟ මහනුවර, ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් තැන්නෙකුඹුර ප්‍රදේශයේ ඊයේ (09) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
අධිකරණ නිලධාරීන්, මහවැලි අධිකාරියේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මෙම ඉවත්කිරීමේ කටයුතු සඳහා එම ස්ථානයට පැමිණ සිටි අතර, අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට බාධා කළහොත් අත්අඩංගුවට පත්වීමට සිදුවනු ඇති බවට ව්‍යාපාරිකයන්ට දැනුම් දී ඇත.
මෙම ඉවත්කිරීමට එරෙහිව විරෝධය පළකළ ප්‍රදේශවාසීන් සහ වෙළෙඳුන් චෝදනා කළේ, මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී පාලක ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධතා ඇති එක් වෙළෙඳසැලක් පමණක් ඉවත්නොකර ඉතිරි කිරීමට කටයුතු කර ඇති බවයි.
“ඒක අධිකරණ නියෝගයක් නම්, ඒ ෂොප් එක විතරක් ඉතිරි කළේ ඇයි? නඩුවෙන් ඒ කඩේටත් නියෝගය ලැබුණා නම් ඒක විතරක් ඉතිරි කළේ ඇයි?” යනුවෙන් විරෝධතාවයේ නිරත වෙළෙන්දෝ ප්‍රශ්න කර සිටියහ.
වසර 25 සිට 30 දක්වා කාලයක් තිස්සේ තමන් එම ස්ථානයේ ව්‍යාපාර පවත්වාගෙන ගිය බවත්, තමන්ගේම මුදල් යොදවා එම වෙළෙඳසැල් ඉදිකර පවත්වාගෙන ගිය බවත් වෙළෙන්දෝ පැවසූහ. එමෙන්ම නිල ගිවිසුම් ප්‍රකාරව ප්‍රාදේශීය සභාවට මසකට රුපියල් 5,000 ක කුලී මුදලක් ගෙවූ බවද ඔවුහු ප්‍රකාශ කළහ.
ප්‍රාදේශීය සභාව සහ මහවැලි අධිකාරිය එක්ව මුලදී මෙම වෙළෙඳසැල් සඳහා අවසර ලබාදී තිබුණද, පසුව වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම හේතුවෙන් මෙම අධිකරණ නියෝගය නිකුත් වී ඇත.
තමන්ගේ පවුල්වල සහ පාසල් යන දරුවන්ගේ නඩත්තුව සඳහා පැවති එකම ආදායම් මාර්ගය මෙලෙස අහිමි වීම පිළිබඳව පීඩාවට පත් වෙළෙඳුන් දැඩි කනගාටුව පළකළහ. එමෙන්ම මෑතකදී ඇතිවූ ‘දිට්වා’ සුළි සුළඟ හේතුවෙන්ද තමන් විශාල ලෙස පාඩු ලැබූ අතර, මෙම ඉවත්කිරීම හමුවේ තවත් අසරණ වූ බව ඇතැම් වෙළෙන්දෝ සඳහන් කළහ.
අධිකරණ නියෝගයට ගරුකරන නමුත්, නියෝගය ලබාගැනීමේදී නිලධාරීන් දේශපාලනමය වශයෙන් පක්ෂග්රාහී ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බවටත්, ඉවත්කිරීමේ ක්‍රියාවලියට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවටත් ඔවුහු චෝදනා කළහ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු සමඟ ද විරෝධතාකරුවන් තර්ක කිරීමත් සමඟ තත්ත්වය තවදුරටත් උණුසුම් විය.
මෙලෙස වෙළෙඳ කටයුතු ඇනහිටීම මගින් ප්‍රදේශය ජනශූන්‍ය වී විශේෂයෙන් රාත්‍රී කාලයේදී ආරක්ෂක තර්ජන ඇතිවිය හැකි බවටද ඔවුහු අනතුරු ඇඟවූහ.
ඒ අනුව, වහාම මැදිහත්වී තමන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart