
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
UPI ගෙවීම් පද්ධතිය තවත් රටවල් රැසකට ව්‍යාප්ත කිරීමට ඉන්දියාව සූදානමින්
ඉන්දියාවේ දේශීය සිල්ලර ගෙවීම් ජාලය වන ‘යුනිෆයිඩ් පේමන්ට්ස් ඉන්ටර්ෆේස්’ (UPI) පද්ධතිය, තවත් විදේශීය රටවල ගෙවීම් පද්ධති සමඟ සම්බන්ධ කිරීම ඉලක්ක කරගත යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 2025 වාර්තාවකට අනුව, ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව මඟින් මෙහෙයවනු ලබන UPI පද්ධතිය, ගනුදෙනු ප්‍රමාණය අනුව ලොව විශාලතම සිල්ලර ක්ෂණික ගෙවීම් පද්ධතිය ලෙස සැලකේ.
නවතම දත්තවලට අනුව, පසුගිය අගෝස්තු මාසයේදී පමණක් එම ජාලය ඔස්සේ ඉන්දීය රුපියල් ට්‍රිලියන 29.82 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 314.21 ක්) වටිනා ගනුදෙනු බිලියන 24.51 ක් සිදුවී ඇත.
මුම්බායි නුවර පැවැති මූල්‍ය තාක්ෂණ (Fintech) සමුළුවක් අමතමින් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, UPI ජාලය දැනටමත් රටවල් 11 ක සක්‍රියව පවතින බවත්, එහි ජාත්‍යන්තර ව්‍යාප්තිය ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතියට හොඳම සාක්ෂියක් වන බවත්ය. සිංගප්පූරුව, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය සහ නේපාලය දැනට UPI පද්ධතිය ක්‍රියාත්මක වන රටවල් අතර වේ.
2023 වසරේදී UPI පද්ධතිය සිංගප්පූරුවේ ‘PayNow’ පද්ධතිය සමඟ සම්බන්ධ කළ අතර, එමඟින් ජංගම දුරකථන අංකයක් හෝ අතථ්‍ය ගෙවීම් ලිපිනයක් (Virtual Payment Address) පමණක් භාවිත කරමින් ක්ෂණිකව මුදල් යැවීමේ හැකියාව පරිශීලකයන්ට හිමි විය.
මෙලෙස විදේශයන්හි මෙම පද්ධතිය බහුලව භාවිත කිරීම මඟින් විදේශයන්හි සේවය කරන මිලියන සංඛ්‍යාත ඉන්දීය ජාතිකයන්ට තම රටට මුදල් යැවීමේදී වැයවන පිරිවැය අවම කර ගැනීමට හැකිවනු ඇති බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart