
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්ඉකුත් වූ තේ පැකැට්ටුවක් පාරිභෝගිකයකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් SPAR SL (PRIVATE) LIMITED සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු. 200,000/-ක දඩ මුදලක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී, 2026.07.15 දින කල් ඉකුත් වූ බව සඳහන් 400g තේ ඇසුරුමක් රු. 1,000/-කට අලෙවි කර තිබීම අනාවරණය කරගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2014.08.15 දිනැති අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති විධාන අංක 52 උල්ලංඝනය කිරීම මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
විධාන අංක 52 අනුව නිෂ්පාදකයන්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් සහ වෙළෙඳුන් විසින් විකිණීමට නුසුදුසු, කල් ඉකුත් වූ හෝ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගත් භාණ්ඩ, විකිණීමට ඉදිරිපත් කර ඇති අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව, යාබදව හෝ ඒවා අතර තබා ගැනීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතුය.
නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී SPAR SL (PRIVATE) LIMITED සමාගම වරද පිළිගත් අතර, ඒ අනුව ගරු අධිකරණය විසින් රු. 200,000/-ක දඩයක් නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart