
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 වසරේදී අෆ්ගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීමත් සමඟ, සිය ජීවිතයට එල්ල වූ තර්ජන හමුවේ බියට පත් ඇෆ්ගන් ජාතිකයන් සියදහස් ගණනක් අසල්වැසි පාකිස්ථානය වෙත පලා ගියහ.
එතැන් පටන් වසර පහකට ආසන්න කාලයක් ගතවී තිබුණද, තෙවැනි රටවල් වෙත නැවත පදිංචි කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන දහස් සංඛ්‍යාත ඇෆ්ගන් ජාතිකයෝ තවමත් මෙම දකුණු ආසියානු රට තුළ වෙසෙති. නැවත සිය මව්බිම වෙත පිටුවහල් කරනු ලැබීම වැළැක්වීම සඳහා ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ජීවත් වීමට සිදුව ඇත්තේ ආරක්ෂිත ස්ථානවල සැඟවෙමිනි.
මෙලෙස සැඟවී වෙසෙන්නන් අතර මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම පෙර පැවති ඇමරිකානු සහාය ලත් ඇෆ්ගන් රජයේ හමුදා, ආරක්ෂක සහ බුද්ධි අංශවල සේවය කළ පුද්ගලයෝ ද වෙති. තලේබාන් පාලනය විසින් සිය පැරණි විරුද්ධවාදීන් අත්තනෝමතික ලෙස ඝාතනය කිරීම සහ වධහිංසාවට ලක්කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති බැවින්, මෙම ඇෆ්ගන් ජාතිකයෝ නැවත මව්බිමට යාමෙන් තමන්ට එල්ල විය හැකි පළිගැනීම් පිළිබඳව දැඩි බියකින් පසුවෙති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඉස්ලාමාබාද් පාලනය විසින් පසුගිය වසර කිහිපය තුළ ඇෆ්ගන් ජාතිකයන් සියදහස් ගණනක් බලහත්කාරයෙන් පිටුවහල් කර ඇත. විශේෂයෙන්ම 2023 වසරේදී ආරම්භ කරන ලද මහා පරිමාණ පිටුවහල් කිරීමේ මෙහෙයුමෙන් පසුව ඇෆ්ගන් ජාතිකයන් මිලියන 2.6කට වැඩි පිරිසක් පාකිස්ථානයේ සිට නැවත ඇෆ්ගනිස්ථානය වෙත පැමිණ තිබේ. මෙලෙස අවදානමට ලක්ව පාකිස්ථානයේ රැඳී සිටින දහස් සංඛ්‍යාත පිරිස අතර ඇෆ්ගනිස්ථාන ජාතික හමුදාවේ හිටපු නිලධාරියෙක් ද වේ.
පසුගිය වසර දෙකක කාලය තුළ පාකිස්ථාන පොලිසිය විසින් තමන් දෙවරක් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ බව 30 හැවිරිදි මෙම හිටපු හමුදා නිලධාරියා පැවසීය. කෙසේවෙතත්, පාකිස්ථාන දේශසීමා පොලිසියට අල්ලස් ලබා දී නැවත රට තුළට ඇතුළු වීමට තමාට හැකි වූ බව ඔහු සඳහන් කළේය.
පාකිස්ථානයේ වෙසෙන බොහෝ ඇෆ්ගන් ජාතිකයන්ගේ වීසා බලපත්‍ර කල්ඉකුත් වී ඇති අතර, ඒවා අලුත් කරගැනීමේදී ඔවුහු දැඩි බාධාවන්ට මුහුණ දෙති. රැකියාවල නිරත වීමට, අධ්‍යාපනය ලැබීමට හෝ නිවසක් කුලියට ගැනීමට පවා අවස්ථාවක් නොමැති වීම නිසා පාකිස්ථානය තුළ ඔවුන්ට හිමිවන්නේ ඉතා අවම අයිතිවාසිකම් ප්රමාණයකි.
ආරක්ෂිත හේතූන් මත සිය නම හෙළි නොකළ මෙම හිටපු හමුදා නිලධාරියා තවදුරටත් කියා සිටියේ, තමන් තලේබාන්වරුන්ගෙන් බේරුණේ පෙර පිනකට බවයි. නැවත පැමිණෙන ඇෆ්ගන් ජාතිකයන් අතර සිටින හිටපු හමුදා සාමාජිකයන් හඳුනාගැනීම සඳහා තලේබාන් සංවිධානය දේශසීමාවලදී නිතර පරීක්ෂා කිරීම් සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart