
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වූ වෙරළාසන්න ප්රදේශයේ අත්තනෝමතික ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත්කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙහි පළමු අදියර ලෙස බම්බලපිටිය මැරීන් ඩ්රයිව් ඇතුළු ප්රදේශ රැසක පුද්ගලයන් 8 දෙනෙකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් ඉවත් කිරීමට නියෝග නිකුත් කර ඇති බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්රදීප් කුමාර සඳහන් කළේය.
හෙට (10) දිනට පෙර එම අනවසර ඉදිකිරීම් සහ ඒවායේ ඇති සියලුම භාණ්ඩ ඉවත් කර ගැනීමට හිමිකරුවන්ට කාලය ලබා දී තිබූ අතර, එසේ ඉවත් කර නොගන්නා ගොඩනැඟිලි කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දෙපාර්තමේන්තුව මැදිහත් වී කඩා ඉවත්කිරීමට නියමිතය. එහිදී සිදුවන කිසිදු හානියක් සම්බන්ධයෙන් රජය වගනොකියන බව ද බලධාරීන් අවධාරණය කරයි.
1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 31 (4) වගන්තිය ප්රකාරව, නිසි බලපත්රයකින් තොරව වෙරළ කලාපය තුළ සිදුකර ඇති ඕනෑම ඉදිකිරීමක් අධිකරණ නියෝගයකින් තොරවම කඩා ඉවත්කිරීමට දෙපාර්තමේන්තුවට පූර්ණ නීතිමය බලතල හිමිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart