
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මුහුදු සීමාවේ ඉරාන නෞකා කිහිපයක් රැඳීසිටීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඇමරිකානු තනාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර, බලධාරීන් ඒ පිළිබඳව දැනුවත්ව සිටින්නේ ද සහ ඒවායේ චලනයන් නිරීක්ෂණය කරන්නේ ද යන්න පිළිබඳව විමසා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් තහවුරු කළේය.
ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමැති හේරත් පැවසුවේ, ඒ අනුව ආරක්ෂක සහ වරාය අමාත්‍යාංශ දැනුවත් කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ නෞකා නිරීක්ෂණය කරමින් සිටින බවයි.
“ඒවා අපේ මුහුදු සීමාවේ නෙමෙයි තියෙන්නේ” යනුවෙන් ඔහු පැවසීය.
ඇමැති හේරත්ට අනුව, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් මධ්‍යයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 24කට වඩා ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදේ නෞකා 4ක් ස්ථානගතව ඇති බව හඳුනාගෙන තිබේ.
එම නෞකා අතර ඉරාන ධජය සහිත නෞකා මෙන්ම වෙනත් වෙළඳ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා ද ඇතුළත් වන අතර, ඒවායින් කිසිදු නෞකාවක් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී නොමැති බව ඔහු පැවසීය.
එමෙන්ම මෙම නෞකා කිසිවක් ශ්‍රී ලංකා රජයෙන් පහසුකම් හෝ ආධාර ඉල්ලා නොමැති අතර, ඔවුන්ට කිසිදු පහසුකමක් සපයා නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.
තවදුරටත් ඉදිරි මෙහෙයුම් සඳහා රැඳී සිටින අතරතුර ශ්‍රී ලංකාව, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදේ වෙළඳ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙලෙස රැඳී සිටීම සාමාන්‍ය හිමිකමක් බව ඔහු පෙන්වාදුන්නේය.
අදාළ නෞකා නිරීක්ෂණය කිරීමට අමතරව, ශ්‍රී ලංකා රජය ඒවා සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් හෝ පියවරක් ගෙන නොමැති බව ඇමැති හේරත් නැවතත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart