September 6, 2026

මෙම වසර අවසන් වනවිට සපුරා ගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති විදේශ විනිමය එක් රැස් කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් 2028 වසර වනවිට සොයා ගත යුතු මුදල අමෙරිකානු මිලියන 14,500 ක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඒ වනවිට මාස 03 ක කාලයක් සඳහා ආනයනය කිරීමේ හැකියාව රඳවා ගෙන සිටිය යුතු අතරම ණය ගෙවා ගැනීමේ හැකියාව ද රජය සතු විය යුතු බවයි.

මෙම සියලු අභියෝග හමුවේ රටේ සංචිත ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට ද රජයට මුහුණ පෑමට සිදුවනු ඇත‍යි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එබැවින් ප්‍රමාණවත් සහ අපේක්ෂිත විදේශ විනිමය ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවහොත් 2028 වනවිට රට තවත් අර්බුද රැසකට මුහුණ පානු ඇතැයි අනතුරු ඇඟවූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එසේවුවහොත් වසර ගණනක ක්‍රියාවලිය ඵල රහිත වන බවයි.