
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී තිබුණද, යුද සමයේදී සිදුවූයේ යැයි කියන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි වගවීමක් සිදුව නොමැති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටුක් කණගාටුව පළ කරයි.
සැප්තැම්බර් 3 වැනිදා නිකුත් කරන ලද සිය අලුත්ම වාර්තාවෙන් මහ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, ප්රමුඛ පෙළේ නඩු කිහිපයක ප්‍රගතියක් තිබුණද 2009 දී අවසන් වූ යුද්ධයේදී දෙපාර්ශ්වයෙන්ම සිදුවූ බව කියන අන්තර්ජාතික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කිසිදු පිළිගැනීමක් හෝ වගවීමක් සිදුවී නොමැති බවයි.
අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සාධාරණය ඉටුකරන බවට පොරොන්දු වෙමින් 2024 සැප්තැම්බර් මාසයේදී බලයට පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය යටතේ පවතින මානව හිමිකම් තත්ත්වය මෙම වාර්තාව මගින් ඇගයීමට ලක්කර ඇත.
මේ අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානය ද සැප්තැම්බර් 1 වැනිදා වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ, අතුරුදහන් කරවීම්, සහන සේවකයන් ඝාතනය කිරීම් සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධ නඩුවල කිසිදු ප්‍රගතියක් නොමැති බවයි.
ස්වාධීන රාජ්‍ය අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට හෝ මානව හිමිකම් කවුන්සිලයේ සාක්ෂි සුරැකීමේ ව්‍යාපෘතිය පිළිගැනීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart