
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතෘභූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් උතුම් වූ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ, පරම වීර විභූෂණ (PWV) සහ රණ ශූර (RSP) පදක්කම්වලින් පිදුම් ලැබූ 4 වැනි බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එච්. පී. එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා හේවාදිවෙල, දුල්මුණේ පිහිටි ඔහුගේ නිවස වෙත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා ගොස් තිබේ.
2009 මැයි 17 වැනිදා නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පැවැති අතිශය තීරණාත්මක සටනකදී, සතුරු ප්‍රහාර හමුවේ නොසැලී සිටිමින් තමන්ගේ ජීවිතය පවා නොතකා තම සගයන් ආරක්ෂා කරගනිමින් දක්වන ලද අසමසම වීරත්වය සහ නායකත්වය වෙනුවෙන් එච්. පී. එස්. බණ්ඩාර පරම වීර විභූෂණයෙන් උපහාර ලැබූ අතර, පසුව ඔහු මාණ්ඩලික සැරයන් තනතුරට ද උසස් කරනු ලැබීය.
මෙම සංචාරයේදී හමුදාපතිවරයා රණවිරුවාගේ බිරිඳ වන දර්ශනී නයනා වීරගොඩ ඇතුළු පවුලේ නෑදෑහිතමිතුරන් හමුවී පවුලේ යහපැවැත්ම සහ ඉදිරි අවශ්‍යතා පිළිබඳව සොයා බැලුවේය.
රට වෙනුවෙන් උතුම් ජීවිත පරිත්‍යාගයක් කළ විරෝදාර රණවිරුවාගේ මතකය ආවර්ජනය කළ හමුදාපතිවරයා, හමුදාවේ පූර්ණ සහයෝගය නිරන්තරයෙන්ම පවුලේ සාමාජිකයන් වෙත හිමිවන බවට සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart