
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂට ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර වෙත ලිපියක් යොමුකිරීමට සූදානම් වන බව වාර්තා වේ.
එම ලිපිය හෙට දිනයේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීපය’ සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටියද, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීති අංශ පෙන්වාදෙයි.
ඒ අනුව පාර්ලිමේන්තුව අගහරුවාදා (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතව ඇත.
එයාර් බස් ගනුදෙනුවේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart