
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ තීන්දුව නුදුරේ දීම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එම තීන්දුව ලැබුණු වහාම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ජන හමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක:
“අපි නීති සංශෝධන සහ ඊට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඇති කරලා තියෙනවා. අපි බියක් නැතිව මේවා ඉස්සරහට ගෙනියනවා. එතකොට මෙතෙක් කල් කළු නීතියේ රැකවරණය ලබාගෙන සිටි අය බියට පත්වෙලා තානාපති කාර්යාල ගාණේ දුවනවා, ජාත්‍යන්තර සංවිධානවලට ලියනවා. මතක තියාගන්න, අපි මේ සෑම තීන්දුවක්ම ගන්නේ මහජනතාව වෙනුවෙන්. ගන්නා කිසිදු තීන්දුවක් අපි ආපස්සට හරවන්නේ නැහැ. 22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉක්මනින්ම ලැබෙයි. පුවත්පත්වල සඳහන් කර තිබුණේ 18 වැනිදා වන විට එය ලැබෙනු ඇති බවයි. තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉක්මනින් සම්මත කරගන්නවා. රටේ පවතින දූෂිත පාලනය සහ කළු රාජ්‍යය බිඳහෙළීමට නම් දූෂිතයන්ට නිසි දඬුවම් දිය යුතුයි.”
රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින්, දූෂණයට සහ වංචාවට එරෙහිව ගෙන යන වැඩපිළිවෙල කිසිදු බාධාවකින් තොරව ඉදිරියටම ගෙන යන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart