
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් සොයාගනු ලබන සියලු දූෂණ හා විෂමාචාර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වුවහොත්, ඊට වගකිවයුතු දේශපාලන ප්‍රතිපක්ෂයේ කිසිවෙකුටවත් බේරී සිටීමට නොහැකි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජනරැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බලයට පත්වී රාජ්‍ය පාලනය ඇතුළතින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිදුකර ඇති අක්‍රමිකතාවල සැබෑ ප්‍රමාණය වටහා ගැනීමට හැකිවූ බවයි.
“අපි එළියේ ඉන්නකොටත් දූෂණය ගැන කතා කළා. නමුත් ඇතුළට ඇවිත් රටට කරලා තියෙන දේ දිහා බලද්දී, මේවා එකින් එක එළියට ගනිද්දී, අපේ රටට කෙතරම් විශාල විනාශයක් කරලා තියෙනවාද කියලා පැහැදිලි වෙනවා,” යැයි ජනාධිපතිවරයා පැවසීය.
පසුගිය යුගයේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතාවලට වගකිවයුත්තන් පිළිබඳව සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සැබෑ තත්ත්වය දෙස බැලුව හොත්, එකම එක්කෙනෙක්වත් ඉතිරි නොවෙන තරම්” යනුවෙනි.
දේශපාලන විරුද්ධවාදීන්ගේ බලවත් විරෝධතා හමුවේ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නෛතික ප්‍රතිසංස්කරණ ඉදිරියටම ගෙන යන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, කළු රාජ්‍යයකින් ප්‍රතිලාභ ලැබූ පාර්ශ්ව මෙලෙස දැඩි ලෙස කලබලයට පත්ව සිටින බවටද චෝදනා කළේය. රජය ගෙන යන මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව යම් යම් පිරිස් විදේශ තානාපති කාර්යාල වෙත යන බවත්, ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපි යවන බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.
“ඒ අය බය විය යුතුයි. නමුත් මතක තබා ගන්න, අපි ගනු ලබන තීන්දු තීරණ ඉතා කල්පනාකාරීව මහජනතාව වෙනුවෙන් ගනු ලබන ඒවා. අපි ගත්ත කිසිම තීරණයක් ආපසු හරවන්නේ නැහැ,” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු වහාම පියවර ගන්නා බවයි.
එමෙන්ම මෙරට අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදයන් විවේචනය කළ ජනාධිපතිවරයා, ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් තීන්දු ලැබෙන විට ඒ සිදුවීම කුමක්දැයි මහජනතාවට පවා අමතක වී ගොස් ඇති බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart