
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දුනීසියාවේ බන්ටෙන් හි පිහිටි සොකර්නෝ-හත්තා අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආරක්ෂක නිලධාරීන් කළ විශේෂ මෙහෙයුමකදී, දුර්ලභ ගණයේ කුරුල්ලන් 101 දෙනකු නීතිවිරෝධී ලෙස රටින් පිටකිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
‘NRRW’ නැමැති මුලකුරුවලින් හඳුනාගෙන ඇති මෙම ශ්‍රී ලාංකිකයා සෙනසුරාදා දින ගුවන්තොටුපොළේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව බන්ටෙන් නිරෝධායන කාර්යාලයේ ප්‍රධානී දුමා සාරි ප්‍රකාශ කළාය.
ගුවන්සේවා ආරක්ෂක, සුංකම් සහ නිරෝධායන නිලධාරීන් විසින් සිදුකළ මූලික පරීක්ෂාවලදී, අදාළ සැකකරු විසින් රැගෙන යාමට උත්සාහ කළ කුරුල්ලන් අතර ඉන්දුනීසියානු ස්වාභාවික සම්පත් සංරක්ෂණ නීති යටතේ විශේෂයෙන් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇති Crimson sunbird සහ Loriini යන දුර්ලභ කුරුලු විශේෂ ද සිටින බව අනාවරණය වී ඇත.
මීට අමතරව Sunda minivet, Hawfinch, Parakeet, Eurylaimidae සහ Zosterops යන විශේෂවලට අයත් කුරුල්ලන් ද සොයාගත් බව නිලධාරීහු පවසති.
ශ්‍රී ලංකාව බලා ගුවන්ගතවීමට නියමිතව තිබූ ගුවන් යානයකට රැගෙන යාමට සූදානම් කළ ගමන් බෑගයක තිබී කුඩා කාඩ්බෝඩ් පෙට්ටි 15 ක අසුරන ලද මෙම කුරුල්ලන් සොයාගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයාට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ කුරුල්ලන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා බන්ටෙන් නිරෝධායන කාර්යාලය ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් සංරක්ෂණ කාර්යාලය සහ අනෙකුත් අදාළ ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටියි.
බේරාගත් කුරුල්ලන් සියලුදෙනා මේ වන විට සෞඛ්‍ය පරීක්ෂණ, හඳුනාගැනීම් සහ ලේඛන පරීක්ෂාවන් සඳහා යොමුකර ඇති අතර, එම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඉදිරි රැකවරණය තීරණය කිරීමට එම පියවර ගත් බව සාරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart