
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ විදුලි බලයෙන් ධාවනය වන වාහන (Electric Vehicles) සඳහා ලබාදෙන කොළ පැහැති අංක තහඩු පිළිබඳව ඇතැම් පොලිස් නිලධාරීන් තුළ පවතින නොදැනුවත්කම හේතුවෙන් තමන් මුහුණදුන් අපූරු අත්දැකීමක් පිළිබඳව රියදුරකු සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කර තිබේ.
අදාළ රියදුරා සඳහන් කරන්නේ වැලිවේරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සිය ඉලෙක්ට්‍රික් වාහනය නවතා, එහි සවිකර තිබූ කොළ පැහැති අංක තහඩුව පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කළ බවයි.
එම අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරීන් ඉලෙක්ට්‍රික් වාහන සඳහා මෙලෙස කොළ පැහැති අංක තහඩු නිකුත් කරන බව නොදැන සිටි බවත්, මෙම අංක තහඩුව නීත්‍යානුකූල එකක්දැයි ඔවුන් සැක පහළ කළ බවත් ඔහු පවසයි.
කෙසේවෙතත්, අදාළ අංක තහඩුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිල වශයෙන් ලබාගත් එකක් බවත්, එය ලබාගැනීමට අදාළව තමන්ගේ දුරකථනයට පැමිණි කෙටි පණිවිඩය (SMS) පෙන්වීමෙන් පසුව තමන්ට එතැනින් පිටව යෑමට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි.
මෙහිදී අදාළ පොලිස් නිලධාරීන්ට දෝෂාරෝපණය නොකරන බව පවසන එම රියදුරා, වාහන ලියාපදිංචිය සහ අංක තහඩු සම්බන්ධයෙන් සිදුවන නව වෙනස්කම් පිළිබඳව දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව අවධාරණය කරයි.
මෙවැනි දැනුවත් කිරීම් මගින් ඉදිරියේදී අනෙකුත් ඉලෙක්ට්‍රික් වාහන හිමිකරුවන්ට සිදුවන අනවශ්‍ය අපහසුතාවයන් වළක්වා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart