September 6, 2026

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ කියන්නේ සමාජ මාධ්‍යවල සක්‍රියව සිටිමින් රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවන ඡායාරූප නිතරම වගේ පෝස්ට් කරන කෙනෙක්.

පසුගිය සතියේදීත් ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා යන අය හමුවී තිබුණා.

කෙසේවෙතත්, ඔහුගේ වඩාත්ම කතාබහට ලක්වූ හමුවීම බවට පත්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ පැවැත්වූ සාකච්ඡාවයි.

‘ජාතික සංහිඳියාව, විශ්වාසය ගොඩනැගීම, පළාත් සභා මැතිවරණ සැලසුම් සහ ව්‍යවස්ථා සංශෝධන’ පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව ඔහු සඳහන් කර තිබුණා.

කෙහොම වුණත් ආණ්ඩුවේ කිසිදු නිල තනතුරක් නොදරන, ටිල්වින් සිල්වා සමඟ මෙරට මැතිවරණ සහ ව්‍යවස්ථා සංශෝධන වැනි රාජ්‍ය මට්ටමේ තීන්දු තීරණ ගැන එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් සාකච්ඡා කරන්නේ කුමන පදනමකින්ද කියලා දැන් විපක්ෂයේ ‘දේශපාලන අටුවල’ සමහරු කතාකරන්න පටන් අරගෙන.