September 6, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියද, ලබන සෙනසුරාදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත මහ ජන රැළිය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැළිය පැවැත්වීමට නියමිතය.

පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සඳහන් කර ඇත්තේ, වැඩි ජනතාවක් රැස්කර ගත හැකි සල්ගාදු හෝ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණ ඉල්ලා සිටියද, රැලිය පැවැත්වීම සඳහා නාගරික නිවාස යෝජනා ක්‍රම ක්‍රීඩාංගණය වෙන්කර දී ඇති බවයි.

රැලිය අඩපණ කිරීමට ආණ්ඩුව උත්සාහ කළද, සැලසුම් කළ පරිදිම ජන රැළිය ඉදිරියට ගෙනයන බව ඔහු වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා ලබාගැනීමේ ගිවිසුමකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, නාමල් රාජපක්ෂ පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 18 දක්වා) රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.