September 5, 2026

පේරාදෙණිය හරහා කොළඹ කොටුව සහ මහනුවර අතර දුම්රිය සේවාව ලබන මස සිට නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දිගාල පවසයි.

රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයේ නැවත ගොඩනැගීමේ කටයුතු අවසන් අදියරට පැමිණීමත් සමඟ අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටින බව ඔහු සඳහන් කරයි.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත දුම්රිය සේවකයන්ගේ කැපවීම හේතුවෙන් මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව හෙතෙම වැඩිදුරටත් පවසයි.

ඉතිරි වැඩකටයුතු අවසන් කිරීමත් සමඟ ලබන මස සිට කොළඹ සහ මහනුවර අතර දුම්රිය සේවාවන් නැවත ආරම්භ කිරීමට මගපෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.