
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසලේ ලාංඡනය භාවිත කරමින් ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු පාසලට සම්බන්ධ කිසිදු සංවිධානයක් මගින් පවත්වනු ලබන ක්‍රිකට් තරගයකදී හෝ වෙනත් උත්සවයකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම හෝ භාවිත කිරීම සිදුකළහොත්, එම උත්සවය වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද 2026/10 දරන නව චක්‍රලේඛය අනුව මෙම පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක පැවසීය.
කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ‘රටම එකට’ ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රධාන පාසල්වල පැවැත්වෙන මහා ක්‍රිකට් තරගවලදී දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවන බවට දෙමාපියන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ල වූ බවත්, පාසල් ලාංඡනය සහිතව පැවැත්වෙන ඕනෑම වැඩසටහනක් පාසල් උත්සවයක් ලෙස සැලකෙන බැවින් මින් ඉදිරියට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම මෙම තීරණය දැඩි ලෙස අධීක්ෂණය කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart