September 4, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම විසින් අද උදෑසන නාමල් රාජපක්ෂ කැඳවා තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ලිඛිතව කළ දැනුම්දීමට අනුව අද (04) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටියේය.

පැය 5 කට වැඩි කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.