
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දශක කිහිපය තුළ මත්පැන් පානයට සෘජුවම සම්බන්ධ විවිධ පිළිකා වර්ග හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඇමරිකාවේ ෆ්ලොරිඩා හි මියාමි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ශරීරය තුළදී මත්පැන් හේතුවෙන් නිපදවෙන ‘ඇසිටැල්ඩිහයිඩ්’ නම් විෂ රසායනිකය මගින් නිරෝගී සෛල විනාශ කර පිළිකා සෛල වර්ධනයට සුදුසු පරිසරයක් නිර්මාණය කරයි. මේ හේතුවෙන් මත්පැන් කාණ්ඩයේ 1 (Group 1) පිළිකා කාරකයක් ලෙස හඳුන්වයි.
වසර 33 ක සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කරමින් සිදුකර ඇති මෙම පර්යේෂණයට අනුව, ඇමරිකාව තුළ මත්පැන් නිසා සිදුවන පිළිකා මරණ සංඛ්‍යාව 1990 දී පැවැති 11,400 සිට 2023 වන විට 23,100 දක්වා සියයට 103 කින් හෙවත් දෙගුණයකින් වැඩි වී ඇත. මෙහිදී අක්මා, මහාන්ත්‍ර, ග්රසනාල , පියයුරු, අග්න්‍යාශයික සහ ප්‍රොස්ටේට් යන පිළිකා මරණවල කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම වයස අවුරුදු 55ට අඩු තරුණ පිරිස් අතර මත්පැන් භාවිතය නිසා සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මහාන්ත්‍ර සහ පියයුරු පිළිකා ය. වයස අවුරුදු 20 ත් 54 ත් අතර පිරිමින්ගේ මරණ සඳහා මහාන්ත්‍ර පිළිකා ප්‍රධාන වූ අතර, එම වයස් කාණ්ඩයේ කාන්තාවන් අතර පියයුරු පිළිකා පළමු තැනටත් මහාන්ත්‍ර පිළිකා දෙවැනි තැනටත් පැමිණ තිබේ. මෙය මීට පෙර පැවැති අක්මා පිළිකා මරණ අභිබවා යෑමකි.
ආමාශයික පිළිකා මරණ සියයට 57 කින්ද, අග්න්‍යාශයික පිළිකා මරණ සියයට 40.5 කින්ද ඉහළ ගොස් ඇත. ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. හි මත්පැන් භාවිතය වැඩිවීම නිසා ඉහළම පිළිකා මරණ අනුපාතයක් වාර්තා වන අතර, අවම මත්පැන් භාවිතයක් සහිත යූටා ප්‍රාන්තයේ අඩුම මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.
මත්පැන් යනු වෙනස් කරගත හැකි අවදානම් සාධකයක් බැවින්, පිළිකා අවදානම අවම කරගැනීමට මත්පැන් භාවිතය හැකිතාක් අවම කිරීම හෝ නතර කිරීම සුදුසු බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart