
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෙන්ට් ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්රියට්ස් කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කළ ශ්රී ලංකා ක්රීඩක දසුන් ශානක, කැරිබියන් ප්රිමියර් ලීග් (CPL) ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමින් අතිවිශිෂ්ට ප්රහාරාත්මක ඉනිමක් දියත් කළේය.
පන්දු 39 කින් තම ශතකය වෙත ළඟා වූ ශානක, ඉනිම අවසානයේ නොදැවී පන්දු 43 කදී ලකුණු 121 ක් රැස් කිරීමට සමත් විය. හතරේ පහර 8 ක් සහ හයේ පහර 12 කින් අලංකාර වූ ඔහුගේ ඉනිමේ ප්රහාරාත්මක වේගය (Strike rate) 281.39 කි.
පන්දු 39 කින් වාර්තා කළ මෙම ශතකය, ශ්රී ලංකා දේශීය 20/20 තරගාවලියකදී මීට පෙර ඔහු විසින්ම තබා තිබූ ශ්රී ලාංකික ක්රීඩකයකු රැස්කළ වේගවත්ම 20/20 ශතකයට හිමි වාර්තාව සමකිරීමටද සමත් විය.
ඔහුගේ මෙම CPL දක්ෂතාවත් සමඟ, මීට පෙර ඇන්ඩ්රේ රසල්, ටිම් සයිෆර්ට් සහ ෂිම්රොන් හෙට්මියර් යන ක්රීඩකයන් පන්දු 40 කින් පිහිටුවා තිබූ තරගාවලියේ වේගවත්ම ශතකයට හිමි වාර්තාව බිඳවැටිණි.
දසුන් ශානකගේ මෙම වේගවත් ඉනිම හමුවේ පැට්රියට්ස් කණ්ඩායම කඩලු 4 කට ලකුණු 235 ක් රැස් කළ අතර, ලකුණු 98 කට කිංග්ස් කණ්ඩායම සීමාකරමින් ලකුණු 137 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට සමත් විය.
මෙය 34 හැවිරිදි ශානකගේ 20/20 ක්රිකට් දිවියේ 4 වැනි ශතකය වන අතර, එය ශ්රී ලංකාවෙන් බිහිවූ ප්රබලතම ප්රහාරාත්මක පිතිකරුවකු ලෙස ඔහුගේ නාමය තවදුරටත් තහවුරු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart