
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට හිටපු නගරාධිපති නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
ඊයේ කොළඹ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදී. පරීක්ෂණයෙන් පසුව, වැඩිදුර විමර්ශන සහ පරීක්ෂණ සඳහා සිරුරෙන් ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා නියෝග කළේය.
61 හැවිරිදි වියේ පසුවූ හිටපු නගරාධිපතිවරයා තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 08 වැනි මහලේ පිහිටි නිවසක් තුළ මියගොස් සිටියදී ඉකුත් 02 වනදා පෙරවරුවේ සොයාගන්නා ලදී.
පොලිසිය පැවසුවේ මූලික විමර්ශනවලට අනුව එරාජ් ප්‍රනාන්දු එම නිවසේ කාමරයක් ආසන්නයේ වූ දොරක බෙල්ලේ බැඳි ටයි පටියකින් එල්ලෙමින් සිටින්නට ඇති බවට අනුමාන කරන බවයි. එම නිවසේ තවත් පුද්ගලයෙකු පදිංචිව සිට ඇති අතර, ඔහු ඊට පෙරදින හම්බන්තොට ප්‍රදේශය බලා ගොස් තිබේ. පසුදින උදෑසන ඔහු එරාජ් ප්‍රනාන්දුට දුරකථනයෙන් ඇමතුම් ලබාදීමට උත්සාහ කළද එය අසාර්ථක වීම නිසා, එම නිවසේ පිරිසිදු කිරීම් සිදුකරන කාන්තාවකට නිවස පරීක්ෂා කරන ලෙස දනුම් දී ඇත.
අනතුරුව එම කාන්තාව විසින් එරාජ් ප්‍රනාන්දුගේ සිරුර දැක තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart