September 4, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (04) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත පුළුල් බඳ සහිත නව ගුවන් යානා බලඇණියක් අත්පත් කර ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූ බව කියන අල්ලස් ගැනීමේ සිද්ධියකට අදාළ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇති බව වාර්තා වේ.