
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා 2005 වසරේදී ආරම්භ කරන ලද ‘විදාතා’ වැඩසටහන වත්මන් තාක්ෂණික දියුණුවට සහ ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ.
විද්‍යාත්මක දැනුම සහ පර්යේෂණ මඟින් බිහිවන නවෝත්පාදන, ග්‍රාමීය මට්ටමේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත සමීප කරවමින් ජාතික ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම විදාතා වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
කෙසේවෙතත්, දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 315ක ක්‍රියාත්මක වන විදාතා සම්පත් මධ්‍යස්ථානවල පවතින පැරණි මෙහෙයුම් ආකෘතිය සහ යාවත්කාලීන නොවූ කුසලතා හේතුවෙන් සීග්‍රයෙන් වෙනස් වන නූතන තාක්ෂණයට සහ දේශගුණික විපර්යාසවලට අනුගත වීමට අපොහොසත් වී ඇති බව හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වය සලකා බලමින්, දිවයින පුරා පිහිටි සියලුම විදාතා සම්පත් මධ්‍යස්ථාන 315 ආවරණය වන පරිදි 2026-2030 උපායමාර්ගික රාමුව ක්‍රියාත්මක කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි.
ඊට අනුව, සෑම විදාතා සම්පත් මධ්‍යස්ථානයක්ම පහත සඳහන් එකිනෙකට සම්බන්ධිත විශේෂිත ඒකක 3ක් යටතේ නැවත සංවිධානය කිරීමට නියමිතය:
– විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ඒකකය
– සේවා, ආධාරක සහ බුද්ධිමය දේපළ ඒකකය
– තත්ත්ව සහ ප්‍රමිති ඒකකය**
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව සැලකිල්ලට ගනිමින්, විදාතා සම්පත් මධ්‍යස්ථාන නව ආයතනික ආකෘතියක් යටතේ ප්‍රතිසංවිධානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමැතිය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart