September 1, 2026

බුද්ධංගල අභය භූමියේ මට්ටයාය අසල ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක නීති විරෝධිව උදළු මිට සඳහා භාවිතයට ගන්න ලද වෙලන් ශාක කොටස් 11 ක් කපා තම සන්තකයේ හා පාලනයේ යටතේ තබාගැනීම හේතුවෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ. අම්පාර අඩවි ආරක්ෂක ඇතුළු නිලධාරීන් විසින් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ය.

අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරු වරද පිලිගෙන ඇති අතර ඔහුට රුපියල් 40,000 ක දඩයක් නියම කර තිබේ.