
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවුරුදු 15යි මාස 9ක් වයසැති සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවකට ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන බාහිර උපකාරක පන්ති ගුරුවරයකු සැප්තැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වරකාපොළ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් අමරසේකර නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දැදිගම, නෙළුන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි එක්දරු පියෙකි.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරු දැදිගම ප්‍රදේශයේ පෞද්ගලික විද්‍යා උපකාරක පන්තියක් පවත්වාගෙන යන අයෙකු බවයි.
ඉකුත් 29 වැනිදා පැවැති පන්තියට අදාළ දැරිය පැමිණ නොසිටීම නිසා, පන්තිය අවසානයේ ගුරුවරයා ඇගේ නිවසේ ජංගම දුරකතනයට ඇමතුම් ගණනාවක් ලබා දී දැරිය පන්ති පැවැත්වූ ශාලාවට ගෙන්වාගෙන මෙම අපයෝජනය සිදුකර ඇත.
සිද්ධියෙන් පසු දැරිය සිය මවට ඒ පිළිබඳව පවසා ඇති අතර, මව ගුරුවරයාගෙන් මේ ගැන විමසූ අවස්ථාවේදී ඔහු ඇයට වැඳ සමාව ඉල්ලා සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙස ඉල්ලා තිබේ.
කෙසේවෙතත් මව විසින් දැදිගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව දැරිය කෑගල්ල මහරෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකරුගේ දියණිය සහ අපයෝජනයට ලක්වූ දැරිය එකම පාසලේ එකම ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart