September 1, 2026

සඳුදා (අගෝස්තු 31) පාරෝ අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව, භූතාන අග්‍රාමාත්‍ය ට්ෂෙරින්ග් ටොබ්ගේ විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ආචාර්ය අමරසූරිය භූතානයට පැමිණ සිටින්නේ අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා පැවැත්වෙන සමාරම්භක ‘ගෝලීය සිහිනුවණින් යුත් ආහාර පද්ධති සමුළුවට’ (Global Conscious Food Systems Summit) සහභාගී වීම සඳහාය.

ඇය අඟහරුවාදා දින පැවැත්වෙන සමුළුවේ සමාරම්භක ප්ලීනරි සභාව ඇමතීමට සහ ඇගේ මෙම සංචාරය අතරතුර භූතාන අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.