
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල ලෝක උරුම කොටු පවුර ඇතුළත පිහිටි මාර්ගයක කොටසක්, භූගත අපවහන පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම වසාදමා තිබේ.
මෙම ගිලාබැසීම මීට සති කිහිපයකට පෙර සිදුවූවක් බවත්, එමගින් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බවත් ඔවුහු පවසති.
ඉදිරියේදී ආරම්භ වීමට නියමිත සංචාරක සමය හමුවේ, මෙලෙස මාර්ගය වසාදැමීම ඓතිහාසික ගාල්ල කොටුව නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ද මහත් අසීරුතාවක් වී ඇත.
පවතින වර්ෂාපතනයත් සමඟ ගිලාබැසීම සිදුවූ ස්ථානය ආශ්‍රිත ප්‍රදේශය අතිශය අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.
මේ පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන කිහිපයක්ම දැනුවත් කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ගාල්ල මහනගර සභාව විසින් බලපෑමට ලක්වූ අපවහන පද්ධතියට සම්බන්ධ භූගත කානුවක් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
ඉදිරි සංචාරක සමය ආරම්භ වීමට පෙර අදාළ හානිපූරණය සිදුකර මාර්ගය නැවත මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම ප්‍රමාදය තවදුරටත් පැවතුණහොත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකට පැමිණෙන සංචාරකයන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට ද ඉදිරියේදී තවත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart