August 29, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ අද උදෑසන නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබේ.

ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණද, ඔහු එම දැනුම්දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් එම කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ඔහුගේ නිවස වෙත ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් Ceylonwire.lk කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ සමීපතමයෙක් කියාසිටියේ, මන්ත්‍රීවරයා කිසිසේත්ම අල්ලස් කොමිසම මගහැරීමක් සිදුකර නොමැති බවයි. විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දීමක් කර තිබුණද, අදාළ දිනයේදී මන්ත්‍රීවරයාට කොමිසමට පැමිණීමට නොහැකි බැවින්, නීතිඥයන් හරහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත්, එලෙස නව දිනයක් ලබාදීමට අල්ලස් කොමිසම එකඟවී ඇති බවත් අදාළ පාර්ශ්වය පැවැසීය. අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙලෙස නිවෙසට පැමිණ ඇත්තේ එවැනි තත්වයක් යටතේ බවද එම පාර්ශ්වය වැඩිදුරටත් සඳහන් කළේය.