
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එප්පාවල ලංකා පොස්ෆේට් සමාගම සිය නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 110ක් වටිනා නව මෙහෙයුම් වාහන සහ යන්ත්‍රසූත්‍ර කට්ටලයක් මෑතකදී සිය ධාවන පද්ධතියට එක්කර තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් මෙම නව යන්ත්‍රසූත්‍ර සේවයට එක්කිරීමේ සහ විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ මෙම උත්සවයට සමගාමීව, සමාගමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින් අලුතින් බඳවාගත් රියදුරන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරුණු බවයි.
පසුගිය මාස 20ක කාලය තුළ සමාගම අභ්‍යන්තර වශයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එහිදී රුපියල් මිලියන 76ක පිරිවැයකින් නිෂ්පාදිත භාණ්ඩ ගබඩා කිරීම සඳහා නව ගබඩාවක් ඉදිකිරීම, නවීන පුහුණුකරණ යන්ත්‍රයක් සවිකිරීම මෙන්ම පාරිභෝගික සේවාව කාර්යක්ෂම කිරීම සඳහා විකුණුම් ක්ෂණික ඇමතුම් පහසුකම සහිතව නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ද සිදුකර ඇත.
එමෙන්ම, නිෂ්පාදන සඳහා උපරිම සිල්ලර මිලෙහි ස්ථාවරත්වයක් පවත්වා ගැනීම ඉලක්ක කරගනිමින් 2026-2030 කාලපරිච්ඡේදය සඳහා වන නව උපායමාර්ගික සැලැස්ම ද සමාගම විසින් එළිදක්වා තිබේ. ඒ යටතේ ERP පද්ධතියක් හඳුන්වාදීම, ගොවීන් වෙත සහනදායී මිලකට පොහොර ලබාදීම සහ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා ලියාපදිංචි වෙළෙඳ නියෝජිත ජාලයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් දිවයින පුරා පොහොර බෙදාහැරීම ව්‍යාප්ත කිරීමටත්, වෙළෙඳපොළේ පොහොර මිල ස්ථාවරව පවත්වා ගැනීමටත් හැකිවනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart