August 28, 2026

දියවඩන නිලමේවරයාට සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා කරමින් ශ්‍රී දළදා මාළිගාව අසළ බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිටි අයකුව කිසියම් පුද්ගලයෙකු විසින් සුදු තීන්තවලින් නෑවීමේ සිද්ධියක් වාර්තා වෙයි.

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වනසේ බයිසිකල් හෙල්මටයක් පැළඳ ලීටර් හතර ප්‍රමාණයේ තීන්ත බාල්දියක් රැගෙන පැමිණි පුද්ගලයා බැනරය ප්‍රදර්ශනය කරමින් සිටි පුද්ගලයාව ඉන් නහවා පළාගොස් ඇත.

මෙම සිද්ධිය අද (28) පෙරවරු 6.30 ට පමණ සිදුව තිබේ.

බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිටි පුද්ගලයා ඩීමන් ආනන්ද නොහොත් ‘බඹරා’ බවට පොලිසිය හඳුනාගෙන ඇත.

අදාළ තීන්ත වලට දුගඳ හමන කිසියම් ද්‍රව්‍යයක් මිශ්‍රකර තිබෙන බව පොලිසිය පවසයි.