
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කළ මුල් දින 07 දී පමණක් මහනුවර නගරයෙන් කසළ ටොන් 155 ක් එකතු වූ බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කලමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
අලි වසුරු පමණක් ටොන් 16ක් එකතු කළ බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ පැවසුවාය.
කිතුල්, කොස් ඇතුළු අලි ඇතුන්ට කෑමට ලබාදෙන ද්‍රව්‍ය ටොන් 60 ක්ද අගුරු ටොන් 14 ක්ද ඉදුල් ටොන් 28 ක් ද මිශ්‍ර කසළ ටොන් 24 ක් ද පොලිතීන් ටොන් 12 ක්ද ඉවත් කර තිබෙන බව ඇය ප්‍රකාශ කළාය.
කොතරම් පෙර දැනුම්දීම් කළද ඇතැම් පිරිස් තමන් රැගෙන එන පොලිතීන්, ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය නගරයේ තැන තැන දමා යන බවද කොමසාරිස්වරිය පැවසුවාය.
අවසන් රන්දෝලි මහ පෙරහර දින අති විශාල ජනතාවක් මහනුවරට නගරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් තමන් රැගෙන එන හෝ නගරයෙන් මිලදී ගන්නා ද්‍රව්‍ය නගරයේ නොදමා රැගෙන යන ලෙස ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කළාය.
නගර සභාව මගින් පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු ඇතුළු සෙසු සේවාවන් වෙනුවෙන් 300 ක පමණ පිරිසක් දිවා රාත්‍රි සේවයේ යොදවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart