
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙසැම්බර් 31 වනදායින් පසුව වාහන ආනයනය සඳහා පනවා ඇති අතිරේක රේගු තීරුබද්ද ඉවත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතවල පවතින තත්ත්වය මත පදනම් වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
වාහන මිල ගණන් සහ ආනයන බදු සම්බන්ධයෙන් රූපවාහිනී දේශපාලන සංවාදයකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පියවර ලිහිල් කිරීමට පෙර රටේ විදේශ විනිමය සංචිත තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාව වී ඇති බවයි.
විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස සීමා කර තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කළ බවත්, ආරම්භයේදී ඩොලර් බිලියන 1.8 ක පමණ වාහන ප්‍රමාණයක් ආනයනය කරනු ඇතැයි රජය අපේක්ෂා කළද, බදු සහ අතිරේක ගාස්තු ද සමඟ මෙම වසරේදී එය ඩොලර් බිලියන 2.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙලෙස වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ඉල්ලුමද වැඩි වී ඇති අතර, එය පාලනය කරමින් ආනයන වේගය මන්දගාමී කිරීම සඳහා තාවකාලික පියවර ගැනීමේ අවශ්‍යතාවක් මතුවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. අතිරේක රේගු තීරුබද්ද හඳුන්වා දෙනු ලැබුවේ එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බවද ඔහු සඳහන් කළේය.
එබැවින් මෙම අතිරේක තීරුබද්ද දෙසැම්බර් 31 වැනිදායින් පසු ඉවත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව දැනට ස්ථිර ප්‍රකාශයක් කළ නොහැකි බවත්, එය එළඹෙන කාලසීමාවේ රටේ විදේශ විනිමය තත්ත්වය මත තීරණය වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, බදු පදනම පුළුල් වී රජයේ බදු ආදායම් එකතු කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ යාමත් සමඟ වක්‍ර, ඍජු සහ ආනයන බදු පියවරෙන් පියවර අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.
නැවතත් වාහන ආනයන බලපත්‍ර ලබාදෙන්නේදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, විදේශ විනිමය සංචිත සහ රාජ්‍ය ආදායම තවදුරටත් ස්ථාවර වූ පසුව අනාගතයේදී එවැනි පියවරක් කෙරෙහි අවධානය යොමු කළ හැකි බවයි.
පුද්ගලයන් මත පැටවෙන බදු බර අඩු කර වාහන මිලදී ගැනීම වඩාත් පහසු මට්ටමකට ගෙන ඒම රජයේ දීර්ඝකාලීන ප්‍රතිපත්තිය බවත්, ඒ සඳහා වන සියලු වෙනස්කම් ඉතා ක්‍රමානුකූලව සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart