
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් අලෙවි කළ යාපනයේ ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් 950,000ක දඩයක් නියම කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
මෙසේ දඩ නියම වී ඇත්තේ යාපනයේ පිහිටි Lavin’s Vegetable Family Restaurant නැමැති ආයතනයටයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ හදිසි වැටලීමකදී, රුපියල් 120ක උපරිම සිල්ලර මිලක් සඳහන් කර තිබූ ලීටර් 1 (මිලිලීටර් 1000) බෝතල් කළ පානීය ජල බෝතලයක් පාරිභෝගිකයෙකුට රුපියල් 200ක මුදලකට අලෙවි කර තිබියදී හසුවී ඇත.
ඒ අනුව අදාළ ආපනශාලාවට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත් අතර, 2026 අගෝස්තු 25 වන දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස රුපියල් ලක්ෂ නමහමාරක දඩයක් නියම කෙරිණි.
පාරිභෝගිකයන් අසාධාරණ ලෙස සූරාකන වෙළෙඳුන් වැටලීමට ඉදිරියටත් පියවර ගන්නා බව පවසන පාරිභෝගික කටයුතු අධිකාරිය, ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමේදී එහි මුද්‍රිත උපරිම සිල්ලර මිල පරීක්ෂා කරන ලෙසත්, නිවැරදි මුදල් රිසිට්පතක් ලබාගැනීමට වගබලා ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart