
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘතිම බුද්ධි (AI) තාක්ෂණයේ ආධාරයෙන් සිදුකරන ලද ලොව ප්‍රථම සාර්ථක මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කම සිදුකිරීමට ලන්ඩනයේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබේ.
මෙම ඓතිහාසික සැත්කම මගින් 48 හැවිරිදි රීස් හිබර්ට් නමැති පිරිමි පුද්ගලයාගේ පෙනීම සම්පූර්ණයෙන්ම අහිමි වීමේ අවදානම වළක්වා ගැනීමට හැකි වී ඇත.
එක්සත් රාජධානියේ ‘University College London Hospitals NHS Foundation Trust’ හි කොටසක් වන ‘National Hospital for Neurology and Neurosurgery (NHNN)’ හිදී ඉකුත් මැයි මාසයේදී මෙම සැත්කම සිදුකර ඇති අතර, රෝගියාගේ පූර්ණ සුවය තහවුරු වන තෙක් ඒ පිළිබඳ තොරතුරු රහසිගතව තබා ගැනීමට වෛද්‍යවරු කටයුතු කළහ.
මෙහිදී සමස්ත ශල්‍යකර්මයේ පූර්ණ පාලනය වෛද්‍ය කණ්ඩායම සතුවූ අතර, සැත්කම අතරතුර සජීවී කැමරා දර්ශන විශ්ලේෂණය කරමින් වෛද්‍යවරුන්ට සහාය වීම කෘතිම බුද්ධි (AI) පද්ධතිය මගින් සිදුකර ඇත.
රෝගියාගේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව තිබූ මිලිමීටර් 11 ක (අඟල් 0.4 ක) ප්‍රමාණයේ ගෙඩිය ඉවත් කිරීමේදී, ඒ අසල ඇති හානි නොකළ යුතු වැදගත් ස්නායු සහ රුධිර වාහිනී නිවැරදිව හඳුනා ගැනීමට මෙම AI පද්ධතිය වෛද්‍යවරුන්ට උපකාර කළේය.
මොළයේ ඇති ඉතා කුඩා පටක හා ස්නායු වෙන් වෙන්ව හඳුනාගැනීම සඳහා ඒවා විවිධ වර්ණවලින් සලකුණු කර පෙන්වීම මෙම නව AI තාක්ෂණයේ විශේෂත්වයයි. මීට පෙර පර්යේෂණ මට්ටමෙන් පමණක් භාවිත කළ මෙම තාක්ෂණය, සජීවී රෝගියෙකුගේ සැත්කමක් සඳහා යොදාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
කෙසේ වෙතත්, මෙම AI මෙවලම වෛද්‍යවරුන්ට සහායක උපකරණයක් ලෙස පමණක් ක්‍රියාත්මක වන බවත්, සැත්කමේ සම්පූර්ණ තීරණ ගැනීමේ බලය සහ පාලනය වෛද්‍යවරුන් සතුව පවතින බවත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම අවධාරණය කරයි.
බ්‍රිතාන්‍යයේ ‘National Institute for Health and Care Research’ ආයතනය සහ ‘Google’ සමාගමේ මූල්‍ය අනුග්‍රහය ඇතිව, මෙම AI තාක්ෂණය වසර ගණනාවක් තිස්සේ පරීක්ෂණාගාර තුළ පරීක්ෂාවට ලක්කර තිබේ.
සජීවී සැත්කමකදී ලැබූ මෙම සාර්ථකත්වය පිළිබඳව තෘප්තිමත් වන වෛද්‍ය කණ්ඩායම, ඉදිරියේදී මෙය වඩාත් පුළුල් ලෙස සායනික පරීක්ෂණ සඳහා යොදාගැනීමට සූදානම් වෙමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart