
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම ප්‍රතික්ෂේප කර ඉවත් කරන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි විසින් මැදිහත්වීමේ පෙත්සමක් ගොනුකර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික ටී. එම්. එස්. පසිඳු සිල්වා සහ සහකාර ලේකම් ලකිත් ඉසිවර වාකිෂ්ඨආරච්චි විසින් මෙම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බවත්, එය ජනමතවිචාරණයකින් සම්මත විය යුතු බවත් පවසමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි.
මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදාළ පෙත්සම විභාග කිරීමේදී නීතිඥවරුන් මාර්ගයෙන් ඊට මැදිහත්වීමට තමන්ට අවසර ලබාදෙන ලෙසයි.
නීතිඥ සංගමයේ පෙත්සම්කරුවන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන තර්ක පදනම් විරහිත සහ නීත්‍යනුකූල නොවන බව නිපුණආරච්චි පෙන්වා දෙයි.
අදාළ සංශෝධනය වෙනුවෙන් පාර්ශවකරුවන්ගෙන් ප්‍රමාණවත් පරිදි කරුණු විමසා නොමැති බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රමවේදය මගහැර ඇති බවටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින හිතුමනාප වාසිදායක තත්ත්වයන්ට ජනමතවිචාරණයක් විසඳුමක් ලෙස ඉල්ලා සිටීමටත් නීතිඥ සංගමය ගෙන එන තර්ක ඔහු සිය පෙත්සමෙන් අභියෝගයට ලක්කර ඇත.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීමට, අග්‍ර විනිශ්චයකාරවරයාගේ විශ්‍රාම යන දිනය සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැලසීමට සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
මෙම පනත් කෙටුම්පත හෝ එහි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවට, 3, 4(c), 75 සහ 76 වගන්තිවලට මෙන්ම නීතියේ ආධිපත්‍යයට හෝ අධිකරණ ස්වාධීනත්වයට පටහැනි නොවන බව මාලිමා මන්ත්‍රීවරයා තදින්ම අවධාරණය කරයි.
යෝජිත සංශෝධනය පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලතල සීමාවට යටත් වන බැවින්, ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප්‍රකාරව ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවන බවද ඔහු තර්ක කරයි.
ඒ අනුව 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෝ එහි කිසිදු වගන්තියක් ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියට පටහැනි නොවන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, නීතිඥ සංගමයේ පෙත්සම සදොස් බවට තීන්දු කර එය ප්‍රතික්ෂේප කර තමන්ට සුදුසු නීතිමය සහනයක් ලබාදෙන ලෙසත් ලක්ෂ්මන් නිපුණආරච්චි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart