August 27, 2026

දැවැන්ත ගංවතුර ව්‍යසනයකට මුහුණ දී සිටින නේපාලයේ මුදාගැනීමේ සහ සුන්බුන් ඉවත්කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

මාස 10කට පමණ පෙර දරුණු කුණාටු ව්‍යසනයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව, මෙම අවස්ථාවේදී නේපාල ජනතාව විඳින එම දුක් වේදනාව හොඳින් වටහා ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් සහ අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා ඇතුළු නේපාල රජයටත්, එරට සමස්ත ජනතාවටත් ජනාධිපතිවරයා සිය ගෞරවනීය ශෝකය පළ කර සිටියි.

විපතට පත්වූවන් සමඟ ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගීතාව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සහන සැලසීමේ සහ යථා තත්ත්වයට පත්කිරීමේ මෙහෙයුම්වලදී නේපාල බලධාරීන් මුහුණ දෙන අභියෝගයන් පිළිබඳව ද සිය අවධානය යොමු කළේය.