
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 මාර්තු 19 වනදා සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව, වසර තුනහමාරකට ආසන්න කාලයක් වසා දමා තිබූ තේ කර්මාන්තශාලාවක අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වූ කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ ‘නවෝදයපුරම්’ නිවාස ව්‍යාපෘතියේ නිවාස 50 අගෝස්තු 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
මෙම පවුල් 50 සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් සමඟ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිවාස 50ක් ඉදිකර තිබේ.
එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් වැයකර ඇති අතර නිදන කාමර 2ක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත වේ.
නිවසක් සහ ඉඩමක් ලබාදීමෙන් පමණක් නොනැවතී, නව නිවසේ ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය ගෘහ උපකරණ හා මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රු. 175,000ක පමණ වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ද සෑම පවුලකටම ලබාදීම ඊයේ (25) දින සිදුකරන ලදී.
වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක ජීවත් වූ පවුල් 50කට ආරක්ෂිත නිවසක්, තමන්ගේම ඉඩමක්, අභිමානයෙන් ජීවත් වීමට අවස්ථාවක් සහ නව ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීම මෙහි අරමුණ වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart