August 26, 2026

රිටිගල කළුඑළිය ප්‍රදේශයේ ජලය සොයා ගිය ගල් ඉබ්බන් පහළොස් දෙනකු නිවෙසක් ආසන්නයේ පාළු ළිඳකට වැටී සිටිනු දුටු නිවැසියන් රි⁣ටිගල වනජීවී කාර්යාලය දැනුවත් කර ඇත.

ඉන් පසු නිලධාරීන් විසින් ඉබ්බන් නිරුපද්‍රිතව ගොඩටගැනීමට කටයුතු කර තිබේ.

ඉබ්බන් ජලය සොයායන අතරතුර මෙසේ ළිඳට වැටී ඇති බවට උපකල්පනය කර ඇති අතර, ⁣ගොඩට ගත් ඉබ්බන් ජලය තිබෙන රිටිගල දෙමටවැව ප්‍රදේශයට මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.

මෙම දිනවල ප්‍රදේශයට බලපා ඇති අධික වියළි කාලගුණික ස්වභාවය නිසා වනසතුන් ජල මූලාශ්‍ර වෙත නිරන්තරයෙන් ගමන් කරන බවත්, ඔවුන් මෙම ස්වභාවික අනතුරුවලට මෙන්ම දඩයක්කරුවන්ගේ බඳින තුවක්කු, මදු ඇතුළු විවිධ මිනිස් ක්‍රියාකාරකම්වලට හසුවන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.