
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක ගණනාවක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී තිබූ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය කිරීමේ ඓතිහාසික ‘2026 බලපත්‍ර පිරිනැමීමේ වටය’ නිල වශයෙන් ආරම්භ කරමින්, වර්ග කිලෝමීටර 34,000කට ආසන්න ගැඹුරු මුහුදු බිම් කොටස් 4ක් සඳහා අන්තර්ජාතික ආයෝජකයන් වෙතින් ලංසු කැඳවීම ඊයේ (25) සිදුකෙරිණි.
මන්නාරම් ද්‍රෝණිය තුළ තෙල් බැරල් බිලියන 2ක් සහ ස්වාභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන 9ක අතිවිශාල සම්පතක් පවතින බවට කෙරෙන විද්‍යාත්මක තක්සේරුව පදනම් කරගනිමින්, නවීන නියාමන රාමුවක් යටතේ පූර්ණ විනිවිදභාවයෙන් යුතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ලංසු කැඳවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේ, මීටර් 100 සිට 3,000 දක්වා වූ ගැඹුරු මුහුදු සීමාවන්හි පිහිටි මෙම බිම් කොටස් හරහා ජාත්‍යන්තර ආයෝජකයන්ට විශාල අවස්ථාවක් හිමිවන බවයි. අතීත ප්රයත්නයන් වාණිජ මට්ටම දක්වා සාර්ථක නොවූවද, වර්තමානයේ පවතින නවීන තාක්ෂණය සහ වෙනස් වූ භූ-විද්‍යාත්මක දත්ත මත පදනම්ව මෙවර පැහැදිලි අරමුණකින් යුතුව ඉදිරියට යන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙමඟින් තෙල් ආනයනයට වැයවන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීමටත්, අතිරික්ත නිෂ්පාදනයක් හරහා විදේශ විනිමය ආදායම් ලබාගැනීමටත් ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත. මෙම ක්‍රියාවලිය ඛනිජ තෙල් සම්පත් පනතට අනුකූලව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ පාලනය යටතේ සිදුකෙරේ.
මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, රටේ ඉදිරි ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් මෙම ගවේෂණයේ අවදානම භාරගැනීමට රජය සහ මුදල් අමාත්‍යාංශය සූදානම් බවයි.
1960 දශකය දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ ඉතිහාසයේ, 2011 වසරේදී ‘බැරකූඩා’ සහ ‘ඩොරාඩෝ’ යන ක්ෂේත්රවලින් ස්වාභාවික වායු සොයාගැනීමට කෙයාන් ලංකා සමාගම සමත්විය.
2025 මැයි මාසයේදී හිමිවූ කැබිනට් අනුමැතියට අනුව සංවිධානය වූ මෙම ලංසු කැඳවීම, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සහ තිරසර ආර්ථික වර්ධනය තහවුරු කරන තීරණාත්මක පියවරක් වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart