
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ධුරයෙන් පහකරන ලද අවාමි ලීග් රජයට සම්බන්ධ දේශපාලනඥයන් සහ අනෙකුත් පුද්ගලයන් දීර්ඝකාලීන ලෙස නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම වහාම අවසන් කිරීමට පියවර ගන්නා ලෙස හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටියි.
කිසිදු චෝදනාවකට ලක් නොවූ සිය ගණනක් තවමත් බන්ධනාගාරගත කර සිටින බව එම සංවිධානය පෙන්වා දෙයි.
පසුගිය 2024 අගෝස්තු මාසයේදී පැවැති දැවැන්ත විරෝධතාවලින් පසුව ෂෙයික් හසීනාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ අතර, ඉන් පසුව අවාමි ලීග් පක්ෂයේ නිලධාරීන්, ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගන්නා ලදී.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සඳහන් කළේ ඉන් සිය ගණනක් තවමත් අත්අඩංගුවේ පසුවන බවයි.
හසීනා රජය සමයේ ඇතැම් හිටපු රජයේ නිලධාරීන් බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ වී සිටින්නට ඇති බව පිළිගන්නා හියුමන් රයිට්ස් වොච් සංවිධානය, කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඝාතනය කිරීමේ චෝදනා මත පැහැදිලි සාක්ෂියක් නොමැතිව බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.
මහලු වියේ පසුවන්නන් සහ බරපතල සෞඛ්‍ය ගැටලු සහිත පුද්ගලයන් ඇතුළු බොහෝ දෙනෙකුට ඇප ලබාගැනීම සහ ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම වැනි මූලික අයිතිවාසිකම් පවා අහිමි කර ඇති බවට රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් සහ නීතිඥයන් චෝදනා කළ බව ද එම සංවිධානය සඳහන් කළේය.
එම සංවිධානයට අනුව, අගමැති තාරික් රහ්මාන් 2026 පෙබරවාරි මාසයේදී ධුරයට පත්වීමෙන් පසුව, කිසිදු චෝදනාවකට ලක් නොවූ අවාමි ලීග් පක්ෂයේ තනතුරු දරන්නන් අවම වශයෙන් 10 දෙනෙකු පමණ බන්ධනාගාරගතව සිටියදී මියගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart