
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතිය නවීකරණය කිරීමේ වැදගත් පියවරක් තබමින්, ‘Time-of-Use (TOU)’ ගාස්තු ක්‍රමවේදයෙන් සමන්විත ස්මාර්ට් විදුලි මීටර් 300,000ක් (ලක්ෂ 3ක්) සවිකිරීමේ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන් සදහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක සහනදායී ණය පහසුකමකිනි. මෙම ණය පහසුකම ලබාගැනීම සඳහා වන මූලික අනුමැතිය 2024 ඔක්තෝබර් 21 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හිමිවී තිබිණි.
ඉන් අනතුරුව, 2025 සැප්තැම්බර් 03 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, මුළු අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් ‘මහ ඔය ජල විදුලි ගබඩා කිරීමේ ව්‍යාපෘතියේ’ සවිස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම සඳහා වෙන්කිරීමට අනුමැතිය හිමිවිය.
ණය පහසුකමේ ඉතිරි ඩොලර් මිලියන 12.5ක මුදල මෙම ස්මාර්ට් මීටර් ව්‍යාපෘතිය සඳහා යොදවනු ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (පුද්ගලික) සමාගම (Electricity Distribution Lanka (Pvt) Ltd) විසින් වසර දෙකක කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart