
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර අඩංගු නෞකාවක් මෙරටට ආනයනය කිරීම තුළින් රජයට ඇමරිකානු ඩොලර් මිලියන 6.7 කට අධික පාඩුවක් සිදු කළ බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන්ට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ, මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එම අවස්ථාවේදී වෙනත් නඩුවක් සඳහා සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අධිකරණයට රැගෙන විත් තිබුණේය.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.
එම විමර්ශන අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව නැවත දෙසැම්බර් මස 04 වනදා කැඳවන ලෙස නියෝග කළ අතර එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000 ක් අඩංගු නෞකාවක් මෙරටට ආනයනය කිරීම තුළින් රජයට ඇමරිකානු ඩොලර් මිලියන 6.7 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් සැකපිට හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු කරය ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart