
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ සැකපිට අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පානදුර නිලංග’ යන අය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
රඳවා තබාගැනීමේ නියෝග මත සිටි කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එමෙන්ම, රඳවා තබා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි ‘පානදුර නිලංග’ ලෙස හඳුන්වන නිලංග සම්පත් සිල්වා නැමැති අනිත් සැකකරු ද එම අධිකරණයටම ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තැම්බර් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart