
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය, නල්ලූර් ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ නිර්මාංශ ආපනශාලාවක වැඩි මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීමේ සිදුවීමකට අදාළව, එම ආපනශාලාවට රුපියල් 950,000ක (ලක්ෂ නවහමාරක) දඩයක් නියම කර තිබේ.
අදාළ ආපනශාලාව වැඩි මිලට ජල බෝතල් අලෙවි කරන බවට යාපනය දිස්ත්රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටළීම සිදුකර ඇත.
එහිදී නියමිත පාලන මිලට වඩා වැඩි මිලකට ජල බෝතල් අලෙවි කරන බව තහවුරු වීමත් සමග ආපනශාලාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යාපනය අතිරේක මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇත.
අනතුරුව අද (අඟහරුවාදා) පැවැති නඩු විභාගයේදී ආපනශාලාවේ හිමිකරුට රුපියල් 950,000ක දඩයක් නියම කළ මහේස්ත්රාත්වරයා, එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිරදඬුවමක් විඳිය යුතු බවට ද නියෝග කර තිබේ.
මෙම ආපනශාලාව මීට පෙර ද පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීමේ වරදට අධිකරණයෙන් දඩ නියම වූ ස්ථානයක් වන අතර, මෙවර දඩ නියම වූයේ එකම වරද දෙවැනි වරටත් සිදුකිරීම හේතුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart