
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වී ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිසර බලපත්‍රයක් අනුමත කරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි චෝදනා ලබා සිටි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණික නිලධාරියෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කළේය.
මෙම වැටලීම සිදුකළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහ පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ සාක්ෂි අතර පවතින පරස්පරතා සැලකිල්ලට ගත් විනිසුරුවරයා, පැමිණිල්ල විසින් සැකයෙන් තොරව චෝදනා තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කළේය.
ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්ති පාර්ශවයේ නීතිඥ දර්ශන කුරුප්පු කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණය, විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරු නිදහස් කිරීමට තීන්දු කළේය.
මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ රොෂාන් ගුරුගේ නමැති හිටපු තාක්ෂණික නිලධාරියායි. 2022 නොවැම්බර් 10 වනදාත් 15 වනදාත් අතර කාලය තුළ මොහොමඩ් නලීම් නමැති ව්‍යාපාරිකයාගෙන් අවස්ථා දෙකකදී රුපියල් 20,000 බැගින් රුපියල් 40,000ක මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා හතරක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.
නඩු විභාගයේදී පැමිණිලිකාර ව්‍යාපාරිකයා සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් සාක්ෂි ලබා දුන්නද, එම සාක්ෂිවල ස්ථාවර භාවයක් නොමැති බවත්, විත්ති පාර්ශවයෙන් කරුණු විමසීමට තරම් ප්‍රමාණවත් තරම් ප්‍රබල නඩුවක් ගොඩනැගීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත් විනිසුරුවරයා වැඩිදුරටත් නිගමනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart