August 25, 2026

2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දයා ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (24) දින මෙම පැමිණිල්ල අල්ලස් කොමිසමට භාරදී ඇත.

අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වෘත්තීය සමිති නියෝජිතයෝ ඉල්ලා සිටිති.